Loading...

දමිතා සහ ඇගේ සැමියා යළි රිමාන්ඩ්

කොරියන් රට රැකියා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ 30ක වංචාවක් සිදු කළ බව පැවසෙන රංගන ශිල්පී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

දමිතා අබේරත්න සහ ඇගේ සැමියා පසුගිය 4 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිට දී රහස් පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත් විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

සැකකරුවන්ට එරෙහිව විමර්ශන දීර්ඝ බැවින් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටි රහස් පොලීසිය සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද සඳහන්.

නඩු විභාගයේ දී පොලීසිය අධිකරණයේ දී කියා සිටියේ සැකකරුවන්ගේ වත්කම් අනාවරනය කර ගැනීමට බැංකු වාර්තා කැඳවා ඇති බවයි.

ඒ අනුව නඩුව නැවත ලබන 24 වනදා කැඳවීමට නියමිතයි.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *