දැනට ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන සිටින BYD වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (08) අභියාචනාධිකරණය හමුවේ එකඟතාව පළකර තිබෙනවා.
අදාළ වාහන රඳවා ගැනීමට එරෙහිව ජෝන් ක්ලීස් සී ජී ඔටෝ සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මෙම එකඟතාව පළකර ඇති බව සඳහන්.
මේ අනුව අදාළ වාහනවල බදු අතර පවතින පරතරය ලෙස ගණනය කර තිබෙන රුපියල් බිලියන 3.6කට ආසන්න මුදල රාජ්‍ය බැංකුවක ඇපකරයක් වශයෙන් ඉදිරිපත් කළ යුතු වන අතර එම ඇපකරය සඳහා අදාළ වන පොලිය පෙත්සම්කාර සමාගම විසින් ගෙවීමට එකඟ විය යුතු බවද එම කොන්දේසිවල සඳහන් වනවා.
ඉදිරිපත් වූ කොන්දේසිවලින් කිහිපයකට පෙත්සම්කාර පාර්ශවය එකඟතාවය පළ කිරීමෙන් පසුව මෙම වාහන මුදා හැරීම පිළිබඳව රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා අධිකරණයට සිය එකඟතාව පලකළ කර තිබෙනවා.








Leave a Reply