Loading...

ලංකාවේ ණය ගැන IMF එකට ඇති විශ්වාසය

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනය සම්පුර්ණ වන විට වාණිජ ණය හිමියන් සමඟ එකඟතාවකට පැමිණිමට ශ්‍රී ලංකාවට හැකි වේයැයි දැඩි විශ්වාසයක් ඇති බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

මේ වන විට ඩොලර් බිලියන 12ක ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව බැඳුම්කරහිමියන් සමඟ සාකච්ඡා කරමින් පවතිනවා.

මෙය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය පියවරක් ලෙස සැලකෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රකාශිකා ජුලි කොසැක් මාධ්‍ය හමුවකදී මේ බව පවසා තිබුණා.

2023 මාර්තු මසදී ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ අතර එය වසර 4ක් වැඩසටහනක් වනවා.

ඒ යටතේ වූ දෙවන සමාලෝචනය ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කාර්ය මණ්ඩල මට්ටමින් එකඟතාවකට එළැඹුණද එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය හිමිව යුතුයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *