බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පොහොර සංස්ථාවේ සේවය කළ සමයේ කිසිඳු වංචාවක් සිදුකර නොමැති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඔහුට පහළින් සිටි නිලධාරීන් යම්කිසි සිද්ධියට සම්බන්ධ වී ඇති බවත් ඔහු ඊට අත්සනක් යෙදීම පිළිබඳව පමණක් චෝදනා එල්ල වී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසනවා.
“බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහෝදරයා 2005 – 2015 වකවානුවේ පොහොර සංස්ථාවේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරද්දී සිදුවීමක් සම්බන්ධයෙන් තමයි මේ ඔවුන් චෝදනා කරමින් තිබෙන්නේ. ඔහු කිසිදු වංචාවක් කරලා නැහැ. ඇත්තටම ඔහුට පහළ නිලධාරීන් තමයි යම්කිසි සිද්ධියකට අදාළව සම්බන්ධ වෙලා තිබෙන්නෙ. ඉතින් ඔහු ඉහළ නිලධාරියා ලෙස යම් අනුමැතියට අදාළ අත්සනක් යොදලා තිබෙනවා. කෙසේවෙතත් ඉන් අනතුරුව කළ පරීක්ෂණයෙන් පසුව ඔහුට නැවත රැකියාව ලබාදීලා තිබෙනවා ඔහුව ඩිමෝට් කරලා. නමුත් ඔහු ඒ රැකියාව භාර අරගෙන නැහැ. ඕගොල්ලන්ගෙ ගොඩෙත් ඉන්නෙ හොරු කියන්න තමයි මේ උත්සාහ කරමින් තිබෙන්නෙ”








Leave a Reply