පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් සුදානම් බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළේ අස්ගිරි මහා විහාර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාර නව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත වශයෙන් එක් වූ ඔහු අනතුරුව පැවති මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙට (25) ලබා ගැනීමට නියමිතයි.
මේ අතර පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමා කළ අදහස් දැක්වීම සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට සුදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලීසිය වෙත දැනුම් දී තිබෙනවා.
Leave a Reply