Loading...

,

කජ්ජාගේ පුත්‍රයා සහ ඥාතීන්ගෙන් CIDය ප්‍රකාශ ගැනීමේ සුදානමක්

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සිදුවන අවස්ථාවේ අනුර විදානගමගේ හෙවත් කජ්ජා තාජුඩීන්ගේ රියට පිටුපස ගමන් ගත් සැක කටයුතු රියක සිටි බවට කජ්ජාගේ බිරිඳ පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් කර තිබුණා.

ඒ අදාළ නිලධාරීන් CCTV දර්ශනවල සැක කටයුතු රුවන් හඳුනා ගනිමිනි.

කෙසේ වෙතත් ඉන්පසු කජ්ජාගේ 17 හැවිරිදි පුත්‍රයා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ සිය මව සිදුකර ඇති අනාවරණය ප්‍රතික්ෂේප කරන බවයි.

එම වීඩියෝව සිය පියාගේ පවුලේ ඥාතීන්ට ද පෙන්වා ඒ ගැන පරීක්ෂාවක් නොකරන්නේ මන්දැයි ඔහු එහිදී පොලීසියෙන් විමසා සිටියා.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (04) සඳහන් කළේ රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පෙර ඔහුගේ මෝටර් රථය පසුපස ගමන් ගන්නා ජීප් රථයේ කජ්ජා ගමන් කළ බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව හෙළිව ඇති බවයි.

මෙවැනි පසුබිමක අදාළ ආන්දෝලනාත්මක ප්‍රකාශය හේතුවෙන් ඉදිරියේ කජ්ජාගේ පුත්‍රයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවද එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ තවද කජ්ජාගේ ඥාතීන්ගෙන් ඉදිරියේ දී ප්‍රකාශ ලබා ගන්නා බවත් ඔවුන්ට තාජුඩීන්ගේ අනතුරට අදාළව CCTV දර්ශන පෙන්වා එහි සිටින අනෙක් පුද්ගලයා මිද්දෙනිය කජ්ජා ද යන්න සම්බන්ධව විමසීමට කටයුතු කරන බවත්ය.

මේ ආතර් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගෙන් හෙළි වූ තොරතුරු මත අත්අඩංගුවට ගත් ඔහුගේ මස්සිනා දින 7ක් රඳවා විමර්ශන කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබාදී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *