පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් අද (04) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ 2024 වසරේ පොලිස් පරීක්ෂකවරු බඳවා ගැනීමේ දී සිදුව ඇති කියන අක්‍රමිකතාවක් සම්බන්ධව පැමිණිලි කිරීම සඳහායි.
මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සඳහන් කළේ 2024 වසරේදී ගැසට් නිවේදනයක් මගින් පොලිස් සේවය සඳහා බඳවා ගැනීම වෙනුවෙන් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් ඒ අනුව සිදුකළ යෝග්‍යතා පරීක්ෂණවලින් පසුව ඒ සඳහා සුදුසුකම් ලැබූ 100 දෙනෙක් සඳහා පත්වීම් ලබා දීමට පසුගිය වසරේ නොවැම්බර් මස සැලසුම් කර තිබූ බවත්ය.
කෙසේ නමුත් එම සැලසුම් කර තිබූ පත්වීම් අදාළ සුදුසුකම් ලැබූ පුද්ගලයින් 100 දෙනා වෙත ලබානොදී මේ වන විට නැවත ගැසට් කරමින් බඳවා ගැනීමට ආණ්ඩුව සුදානම් වන බවද ඔහු මෙහිදී පැවසුවා.
“2024 පොලීසියට SIලා බඳව ගන්න ගැසට් එකක් ගැහුවා. 2024.05.09 යෝග්‍යතා පරීක්ෂණයක් තිබ්බා ඇප්ලිකේෂන් 18,000ක් ආවා. යෝග්‍යතා පරීක්ෂණයෙන් 6,000ක් තෝරගෙන විභාගයට වාඩි වුණා.
ඒකෙන් අවසන් සම්මුඛ පරික්ෂණයට 3,000ක් වාඩි වුණා. වෛද්‍ය පරීක්ෂණ, මත්ද්‍රව්‍ය පරීක්ෂණ තියලා හරියටම 100ක් තෝරගෙන තිබුණා.
මේ 100 තෝරගෙන පත්වීම් දෙන්න 2024.11.20 සූදානම් කරලා තිබුණා. ඒ සූදානම් කරලා තිබුණාට පස්සේ අද වෙනතුරු මේ පත්වීම් දෙන්නේ නෑ පොලීසිය භාර ඇමති සහ පොලිස් දෙපාර්තමේන්තුව.
මේක හරි අසාධාරණයක් මේ 100ක් පොලිස් පරීක්ෂකවරු බඳව ගන්න මේ පරීක්ෂණයෙන් පස්සේ මේකට වියදම් කරලා තියෙනවා පොලිස් දෙපාර්තමේන්තුව විශාල මුදලක්. මේකේ දූෂණයක් වෙලා තියෙනවා.
මේවා නවත්වලා පත්වීම් නොදී ඉඳලා මේගොල්ලෝ ලෑස්ති වෙනවා අලුතින් ගැසට් කරලා අලුතින් පත්වීම් දෙන්න. එතකොට මේකට වියදම් කරපු මුදල් කාගේ මුදල්ද? මේවා රජයේ මුදල්.
ඒකයි මම අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ මේවා වෙනුවෙන් වියදම් කරපුවා අල්ලස් කොමිසම මේ හැම එකක් ගැනම මේ ගැනත් පරීක්ෂණ කරන්න.
පොලිසිය භාර ඇමති හා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන් වෙනුවෙන් තමයි පැමිණිල්ල දැම්මේ. එතකොට 2024 තිබ්බේ ශ්‍රී ලංකා පොලීසිය නෙමෙයිද ? මම මේ අසාධාරණය වෙනුවෙන් තමයි මම මේ පැමිණිල්ල දැම්මේ.”








Leave a Reply