ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ඊයේ (25) පැවැති ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
අදාළ අගයන් පිළිවෙලින් 8.50% සහ 9.50% දක්වා පහත දමා ඇති බව සඳහන්. මේ අතර 2024 පෙබරවාරි අවසානයේ දී මෙරට නිල සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Leave a Reply