ඉරාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී කුඩා යාත්‍රා කිහිපයකින් මගින් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එක්සත් රාජධානියේ සමුද්‍ර වෙළෙඳ මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම සිදුවීම ඉරානයේ සිරික් වරායට නාවික සැතපුම් 11ක් බටහිරින් සිදුව ඇති බවයි.
අදාළ අවස්ථාවේ දී නෞකාව හෝමූස් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් තිබූ බව සඳහන්.
ප්‍රහාරයට ලක්වූ නෞකාව ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කරන Minoan Falcon නෞකාව විය හැකි බවට විශ්වාස කරනවා.
එම අවස්ථාවේදී එය සිරික් වරායට නාවික සැතපුම් 11ක් බටහිරින් යාත්‍රා කරමින් තිබූ අතර ඉන්පසුව එහි ට්‍රාන්ස්පොන්ඩරය ක්‍රියා විරහිත කර තිබෙනවා.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කරන වාණිජ නෞකාවලට පහර දීම සඳහා කුඩා වේගවත් යාත්‍රා සමුහයක් භාවිතා කිරීමේ උපක්‍රමයක් ඉරානය විසින් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.
අප්‍රේල් 22 වනදා දින Epaminondas සහ MSC Francesca යන බහාලුම් නෞකා අත්පත් කර ගැනීමට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව භාවිතා කළේ ද මෙවැනි ආකාරයේම ප්‍රහාරයකි.
පසුව එම නෞකා දෙකම අත්අඩංගුවට ගැනීමෙන් පසු සිරික් වෙත රැගෙන යනු ලැබුවා.







Leave a Reply