Loading...

,

මහින්ද සහ මෛත්‍රී භාර දුන් වෙඩි නොවදින වාහන ආයෙත් ඉල්ලයි

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් භාවිතා කරමින් සිට නැවත රජයට භාර දුන් වෙඩි නොවදින වාහන ආපසු ලබාදෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලා තිබෙනවා.

පසුගියදා සම්මත වූ ජනාධිපති අයිතිවාසිකම් පනත අවලංගු කිරීමෙන් පසු එම වාහන මෑතකදී ජනාධිපති ජනාධිපති ලේකම් කාර්යාලයකට භාර දී දීමට සිදුවුණා.

කෙසේ වෙතත් මෙම සතියේ පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටියේ මෙම ඉල්ලීම් ආරක්ෂක සමාලෝචන කමිටුවට යොමු කරන බවයි.

මෙම කමිටුවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා සහ පොලිස්පතිවරයා ඇතුළත් වනු ඇති.

කමිටුවේ සාකච්ඡාවලින් පසුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ආරක්ෂක විධිවිධාන සහ වෙඩි නොවදින වාහන සම්බන්ධව තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *