ට්‍රම්ප් ඊශ්‍රායලයට බෝම්බ 20000ක් අලෙවි කරයි
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ඩොලර් මිලියන 650ක් පමණ වටිනා බෝම්බ 20000කට අධික ප්‍රමාණයක් ඊශ්‍රායලයට අලෙවි කිරීම අනුමැතිය ලබාදී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකානු කොංග්‍රසය ද මඟ හැර අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ක්‍රියාව සිදු කර ඇති බවයි.
මේ අනුව ඊශ්‍රායලයට වහාම විකිණීමට අවශ්‍ය හදිසි අවස්ථාවක් පවතින බව එක්සත් ජනපද ලේකම් මාර්කෝ රුබියෝ තීරණය කර තිබෙනවා.
එම අලෙවිය සඳහා කොංග්‍රස් සමාලෝචන අවශ්‍යතා අත්හැර දමා ඇති බවද එම මාධ්‍ය වාර්තා කරනවා.
මෙම යෝජිත එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තියට සහ ජාතික ආරක්ෂාවට දායක වනු ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් ටෙක්සාස් හි පිහිටි රෙප්කොන් අමෙරිකා එක්සත් ජනපදය වනු ඇති බවයි.
ඊට අමතරව සෘජු වාණිජ ගණුදෙනු හරහා තවත් අමෙරිකානු ඩොලර් මිලියන 298ක් වටිනා යුද අවි ඊශ්‍රායලය විසින් මිලදී ගැනීමට නියමිතයි.
නොර්වේ අමෙරිකානු තානාපති කාර්යාලය අසල පිපිරීමක්
නොර්වේ ඔස්ලෝ අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අසල පිපිරීමක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පිපිරීම අද (08) අලුයම සිදුව ඇති බවයි.
එය පිටුපස සිටින්නේ කුමන පාර්ශවයක් ද යන්න මෙතෙක් හෙළිව නැහැ.
ඔස්ලෝ අගනුවර පොලීසිය පවසන්නේ තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශයේ දොරටුවට අසල මෙම පිපිරීම සිදුව ඇති බවයි.
පිපිරීමෙන් කිසිවෙකුට හානි සිදුව නොමැති බවත් සිද්ධිය සම්බන්ධව එරට ආරක්ෂක අංශ මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.
බේරුට් හෝටලයකට බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙක් මරුට
බේරූට් හෝටලයකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙක් මියගොස් තිබෙනවා.
තවද ප්‍රහරයෙන් පුද්ගලයින් 10 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.
ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ උදව් එපා කියයි
ඉරානය සමඟ පවතින යුදමය වතාවරණය හමුවේ මැදපෙරදිග කලාපයට ගුවන් යානා යුද නෞකා යෙදවීමට එක්සත් රාජධානියේ සහාය තමන්ට උදව් අවශ්‍ය නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසනවා.
සිය Truth සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් ට්‍රම්ප් මේ බව සඳහන් කරනවා.
ඔහු මෙම ප්‍රකාශය නිකුත් කළේ බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයෙකින් පසුවයි.
එරට සතු ප්‍රධානතම ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකෙන් එකක් වන බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ‘HMS Prince of Wales’ නෞකාව ඕනෑම මොහොතක ක්‍රියාත්මක වීමට සුදානම් බව එම නිවේදනයෙන් බ්‍රිතාන්‍යය සඳහන් කර තිබුණා.
බ්‍රිතාන්‍යයේ මෙම පියවර පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති ඉඟි කර ඇත්තේ කලාපීය ආරක්ෂක කටයුතු සම්බන්ධව අමෙරිකාවට ස්වාධීනව කටයුතු කිරීමේ ශක්තියක් ඇති බවයි.







Leave a Reply