Loading...

,

BREAKING – ඉදිරි දින දෙක තුළ සිරි දළදා වන්දනාවට පැමිණෙන්න එපා – ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි

”සිරි දළදා වන්දනාව” සඳහා බැතිමතුන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන් ඉදිරි දින දෙක තුළ වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොලීසිය බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

පසුගිය 18 වනදා ආරම්භ වූ සිරි දළදා වන්දනාව අඛණ්ඩව 6 වන දිනටත් අද (23) පැවැත්වුණා.

සිරි දළදා වන්දනාව පැවැත්වෙන අද (23) දින මේ වන විට බැතිමතුන් ලක්ෂ 3කට අධික ගණනක් දළදා වන්දනාව සඳහා මහනුවර නගරයේ පෝලීම්වලට ඒකරාශීව සිටින අතර බැවින් හෙට (24) සහ අනිද්දා (25) යන දෙදින තුළ තවත් බැතිමතුන් පැමිණිමක් සිදුවුවහොත් අලුතින් පැමිණෙන බැතිමතුන් හට වන්දනාමාන කටයුතු සිදු කර ගැනීම සඳහා අවස්ථාව නොලැබෙන අතර එබැවින් ඉදිරි දෙදින තුළ ” සිරි දළදා වන්දනාව” සඳහා පැමිණීමෙන් වලකින ලෙස ශ්‍රී ලංකා පොලීසිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *