Loading...

,

BREAKING – හිටපු අමාත්‍ය රාජිත කොළඹ මහාධිකරණයට පැමිණෙයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේවන විට කොළඹ මහාධිකරණයට පැමිණ තිබෙනවා.

ඔහුට අද (29) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 20 වනදා නොතීසි නිකුත් කරනු ලැබුවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය මෙම නොතීසි නිකුත් කිරීම සිදු කළේ අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුවයි.

ඒ අපරාධ නඩු විධානසංග්‍රහයේ 60(1) වගන්තිය යටතේ ‘ප්‍රකාශනයක්’ නිකුත් කරමිනි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *