ලක්විජය බලාගාරයේ 2026 / 2027 වාරය සඳහා ගල් අඟුරු සැපයුම්කරුවෙක් තෝරා ගැනීම වෙනුවෙන් ලංසු කැඳවීමක් සිදුකර තිබෙනවා.
ලංකා ගල් අඟුරු සමාගම පවසන්නේ 2026 සැප්තැම්බර් මස සිට 2027 අප්‍රේල් මස දක්වා කාලය සඳහා ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.28ක් මිලදී ගැනීම වෙනුවෙන් මෙම ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇති බවයි.
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ 2026 / 2027 වාරය සඳහා සැපයුම්කරුවෙක් තෝරා ගැනීම වෙනුවෙන් ලංසු කැඳවීමට අදාළ නිවේදනය ලංකා ගල් අඟුරු සමාගම සිය වෙබ් අඩවියේ මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වෙන්නේ 2026 සැප්තැම්බර් මස සිට 2027 අප්‍රේල් මස දක්වා කාලය සඳහා ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.28ක් මිලදී ගැනීමට සඳහා මෙම ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇති බවයි.
මෙම ලංසු කැඳවීම මැයි මස 14 වනදා දක්වා සිදු කිරීමට අවස්ථාව ලබාදී ඇති බව සඳහන්.
මෙහිදී අයදුම්කරුවන් සපුරාලිය යුතු කොන්දේසි පිළිබඳව ද දැනුම් දී තිබෙනවා.
මේ අනුව යාත්‍රා 38ක් යටතේ ගල් අඟුරු සැපයීම සිදු කළ යුතු අතර 2026 වසරේ දී යාත්‍රා 20ක් සහ 2027 වසරේ දී යාත්‍රා 18ක් වශයෙන් එම ගල් අඟුරු සැපයීම සිදු කළ යුතු වනවා.
දින 210ක් ඇතුළත අදාළ සියලු සැපයුම් සිදු කළ යුතු වනවා.
සපයනු ලබන ගල් අඟුරුවල ප්‍රමිතිය සහ ලංසු ඉදිරිපත් කරනු ලබන සමාගම්වල වගකීම සහ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ද ලංකා ගල් අඟුරු සමාගම අදාළ ටෙන්ඩරය මඟින් දැනුම් දී තිබුණා.







Leave a Reply