Loading...

ඔසී කෙල්ලෝ හත්වන වරටත් විස්සයි පිටියේ ලෝක ශූරියන් වෙයි

ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදර ලෙසින් සැලකෙන ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම විස්සයි විස්ස ලෝක ශූරියන් ලෙස ඊයේ (05) රාත්‍රියේ අභිෂේක ලැබුවා.

ඒ සමඟ විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ තම ආධිපත්‍යය නැවත වරක් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ තහවුරු කළා.

ඔවුන් මෙහිදී ලොවට පෙන්වා දුන්නේ මෙම තරග ආකෘතියේ ප්‍රබලතම කණ්ඩායම තම කණ්ඩායම බවයි.

අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 150ක් රැස් කරමින් ඔස්ට්‍රේලියාවට අභියෝගාත්මක ඉලක්කයක් ලබාදුන්නා.

ලකුණු 151ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ඔස්ට්‍රේලියාව ආරම්භයේ සිටම වේගවත් පිතිහරඹයක නිරත වෙමින් එංගලන්ත පන්දු යවන්නියන්ට දැඩි පීඩනයක් එල්ල කළා.

එහි ප්‍රතිඵලයක් ලෙස කඩුලු 3ක් පමණක් දැවී පන්දුවාර 17යි පන්දු 1ක් (17.1) අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ඒ අනුව කඩුලු 7ක විශිෂ්ට ජයක් සමඟ 7 වැනි වරටත් විස්සයි විස්ස ලෝක ශූරියන් ලෙස කිරුළු පැළඳුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *