Loading...

ත්‍රස්තවාදී සංවිධාන 15ක පුද්ගලයින් 210කගේ වත්කම් අත්හිටුවයි

ත්‍රස්තවාදී අන්තවාදී සංවිධාන 15ක් සහ ත්‍රස්තවාදී සහ අන්තවාදී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින් 210 දෙනෙක්ට අයත් සියලු අරමුදල් වත්කම් සහ ආර්ථික සම්පත් තහනම් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසිනුයි මෙම ගැසට් නිවේදනය කර ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ නියෝගවලට අනුව එම තහනම් නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එල්.ටී.ටී.ඊ සංවිධානය, දෙමළ පුනරුත්ථාපන සංවිධානය, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශසීමා ඉක්මවූ දෙමළ ඊලාම් රාජ්‍යය, ලෝක දෙමළ සහන සාධක අරමුදල, ජාතික තව්හිද්ජමාත්, ජමාතේ මිලාදේ, කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය ඇතුළු ආයතනවල මෙම වත්කම් තහනම් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *