මන්ත්‍රීවරුන් රැසක් තමන්ගේ පවුල්වල සාමාජිකයින්ට ද රක්ෂණ රැකවරණය දෙන මෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන් ඉල්ලීමක් කර තිබෙනවා.
රක්ෂණ රැකවරණය මේ දක්වා ලබා දෙනු ලැබුවේ මන්ත්‍රීවරුන්ට පමණක් වන අතර පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයකුටම වාර්ෂිකව හිමිවන රක්ෂණ ආවරණයේ වටිනාකම රුපියල් ලක්ෂ 10කි.
ඔවුන් මෙහිදී තමන්ගේ වැටුප්වලින් මුදලක් හෝ කපාගෙන පවුලේ සාමාජිකයන්ට ද රක්ෂණ ආවරණය දෙන ලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ රැස්වීමක් ඉදිරි සතිවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ රැස්වීමක් මාස ගණනාවකින් පවත්වා නොමැති බවද වාර්තා වනවා.








Leave a Reply