Loading...

අත්අඩංගුවට ගත් දේශබන්දු අද අධිකරණය හමුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (21) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මිරිහානේ පිහිටි දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් පෞද්ගලික නිවසේ දී ඊයේ (20) දින දී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

2022 වසරේ මැයි 9 වනදා ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළ විමර්ශනවලට අනුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එහි සැකකරුවෙකු ලෙස නම් කර තිබීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබූ බව සඳහන්.

කෙසේ වෙතත් අදාළ සිද්ධියට තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (20) අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබූ අතර එය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *