Loading...

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයෙන් නැවත වර්ජනයක්? අවසන් තීරණය අද

තම ඉල්ලීම් පිළිබඳව ඉදිරියේ දී ගනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධ අද (16) දිනයේ දී අවසන් තීරණයකට පැමිණෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට බලධාරීන් එකඟතාව පළකළ ද මේ දක්වා ඒ පිළිබඳව නිසි විසඳුමක් ලැබී නොමැති බවයි.

උසස් වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගියදා දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක නිරත වූ අතර අදාළ ගැටලුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඊට විසඳුම් ලබාදෙන බවට විෂය භාර අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුව මත එම වැඩ වර්ජනය තාවකාලිකව නතර කරනු ලැබුවා.

කෙසේ නමුත් ඊයේ (15) දිනයේ දී සිය ඉල්ලීම් පිළිබඳව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව නොමැති වීම හේතුවෙන් සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අද (16) පෙරවරුවේ රැස්වී තීරණය කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *