අතුරුගිරියේ ද්විත්ව ඝාතනයට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය කියා සිටියේ පසුගිය ජුලි මස 08 වන දින අතුරුගිරිය ප්‍රදේශයේ දී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක් ඝාතනය කර තවත් සිව් දෙනෙක්ට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධව අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
මෙම සැකකරු ඊයේ (06) දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පියසේ දී අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලිසිය වෙත රැගෙන විත් ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරු දර්ගා ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක් බවටයි මේ වන විට තොරතුරු වාර්තා වී ඇත්තේ.
මොහු අපරාධයට පෙර සැකකරුවන්ට කුලී නිවසක් ලබා ගැනීම හා අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට වෙඩික්කරුවන් දෙදෙනා හා ආයුධ අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන යාම කුලී වෑන් රථයක් සම්බන්ධ කර ඇති බවට හෙළිව තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හෙළි වූ කරුණු මත වෙඩික්කරුවන්ට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පළා යෑමට භාවිතා කළ බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබිය දී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ පොලිස් භාරයට ගෙන අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධව මේ වන විට සැකකරුවන් 11 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.







Leave a Reply