ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) පැවැත්වෙනවා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම හමුව පැවැත්වෙන බවයි.
ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර මිට පෙර අවස්ථා 4කදී මෙවැනි සාකච්ඡා පැවැත්වුණා.
මෙවර සාකච්ඡාවේදී ඉදිරි ජනාධිපතිවරණය සහ රටේ වත්මන් ආර්ථික සමාජීය කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බව සඳහන්.
Leave a Reply