ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
ඇයට සහ ඇයගේ සැමියාට විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට චෝදනා එල්ල වී තිබෙනවා.
මේ අතර දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (02) තීරණය කළා.
Leave a Reply