පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් අද (19) වන විට මන්ත්‍රීවරුන් 5 දෙනෙක් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ, දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් යන මහත්වරුන් මෙලෙස සාමාජිකත්වයෙන් ඉල්ලා අස්ව ඇති බව සඳහන්.
මීට පෙර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ද එම කමිටුවෙන් ඉල්ලා අස්වී තිබුණා.
කෝප් කමිටුවේ සභාපති ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පත්කිරීම හේතුවෙන් මේ වන විට එම කමිටුව සම්බන්ධව දැඩි අර්බුධකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.
Leave a Reply