Loading...

පොදුජන පෙරමුණෙන් රනිල්ට තවත් කොන්දේසියක්

සමඟි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් ආණ්ඩුවට එකතු වන බවට ප්‍රකාශ කෙරුණු මන්ත්‍රීවරුන් 25 දෙනා ජුලි මස 15 වනදාට පෙර සම්බන්ධ කරගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට පසුගිය සතියේ දී නැවත දැනුම් දී තිබෙනවා.

පොදුජන පෙරමුණ මෙහිදී ජනාධිපතිවරයා දන්වා ඇත්තේ මෙලෙස මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි.

මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා කැමැත්ත පළකර ඇති කිහිපදෙනෙකු සමඟ පසුගිය සතියේ දී සාකච්ඡා කර ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරනවා.

ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂයෙකු ඉදිරිපත් කරන ලෙස බිම් මට්ටමෙන් එම පක්ෂ නායකත්වය දිගින් දිගටම දැඩි බලපෑම් සහ ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *