සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශය කණඩායම අතර පැවැති එක්දින තරඟාවලිය 2-1ක් ලෙස බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (18) ජය ගැනීමට සමත් වුණා.
චිතගොංහි පැවැති තෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ශ්‍රී ලංකා පිතිකරුවන් තරඟාවලිය ජය ගැනීමේ අරමුණින් පිටියට පැමිණියත් බංග්ලාදේශ කණ්ඩායමේ පන්දු යවන්නන් එම අරමුණු සියල්ල සුණු විසුණු වුණා.
බංග්ලාදේශයේ සුපිරි පන්දු යැවීම සහ පන්දු රැකීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියළු දෙනා දැවී 235ක් ලබා ගැනීමට සමත් වුණා.
ශ්‍රී ලංකා වෙනුවෙන් එක් අන්තයක සිටිමින් ජනිත් ලියනගේ නොදැවී පන්දු 102කින් ලකුණු 101ක් ලබා ගනු ලැබුවා.
ඔහුගේ ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් ඇතුළත්.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ටස්කින් අහමඩ් කඩුලු 3ක් සහ මුෂ්ෆිකර් රහීම් සහ මෙහෙදී හසන් මිරාජ් කඩුලු 2ක බැඟින් දවා ගනු ලැබුවා.
ලකුණු 236ක් ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 40යි පන්දු 2කදී ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට සමත් වුණා.
බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට ආරම්භක පිතිකරු ටන්සිඩ් හසන් පන්දු 81කදී ලකුණු 84ක් ලබා ගත් අතර ඊට හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් ඇතුළත්.
විටක බංග්ලාදේශ ඉනිමේ කඩුලු 6ක් ලකුණු 178කට දැවී ගොස් තිබු අවස්ථාවක හත්වන පිතිකරු ලෙස පිටියට පිවිසි රිෂාඩ් හොසේන් පන්දු 18කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 48ක ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරා.
මෙම තරඟයේ දී වනිඳු හසරංග හට බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුවන් දැඩි ප්‍රහාරයකට ලක් කිරීමද විශේෂත්වයක් වනවා.
බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව එක්දින තරගාවලියක් පරාජයට පත් වූ ඉතිහාසයේ දෙවැනි අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගත වෙනවා.
Leave a Reply