ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ මිනීමැරුම්, පැහැරගෙන යෑම් සහ කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසකට නවදිල්ලි නුවර තිහාර් බන්ධනාගාරයේ සිරගතව සිටි ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු දැඩි ආරක්ෂාව මැද ඊයේ (12) විවාහ වී තිබෙනවා.
සන්දීප් නොහොත් “කාල ජිතේඩි” නැමැති අපරාධකරුවෙක් මෙලෙස විවාහ වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
නවදිල්ලි අධිකරණයකින් ඊයේ (12) උදෑසන 10 සිට පස්වරු 4 දක්වා ලැබුණු තාවකාලික නිදහසක් මතයි මෙම විවාහය සිදුව ඇත්තේ.
අදාළ සැකකරු අධි ආරක්ෂාව යටතේ බන්ධනාගාරයේ සිට උත්සවශාලාව වෙත රැගෙන ගොස් තිබු අතර ඔහුගේ මනාලිය වුයේ ද අපරාධ චෝදනා රැසකට සිරගත වී සිට ඉන් අනතුරුව ඇප මත මුදා හරිනු ලැබූ අනුරාධා චවුද්රි නොහොත් “මැඩම් මිනිස්” නැමැති කාන්තාවක් බවද වාර්තා වනවා.
සැකකරුගේ නිතිවරයා විවාහ උත්සවය වෙනුවෙන් ඉන්දීය රුපියල් 51000ක් ගෙවා නවදිල්ලි නුවර සන්තෝෂ් නැමැති උත්සව ශාලාවක් ද වෙන්කර තිබුණා.
මෙම විවාහ උත්සවය සඳහා පොලිස් නිලධාරීන් 250කට වැඩි පිරිසකගෙන් යුත් අධි ආරක්ෂාවක් යොදා තිබු බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
ඊට අමතරව දිල්ලි පොලිසියේ විශේෂ කණ්ඩායම් සහ අපරාධ අංශයේ කණ්ඩායම් කිහිපයක් ආයුධ සන්නද්ධව උත්සව ශාලාව අවට රැකවල් යොදවා තිබෙනවා.
අධි තාක්ෂණයෙන් යුත් ආයුධ අතැතිව කමාන්ඩෝ බලකායේ නිලධාරීන්, පොලිස් සුනඛයන් ද, CCTV කැමරා විශාල ප්‍රමාණයක් සහ ඩ්‍රෝන මඟින් විවාහ උත්සවයේ සියළු ක්‍රියාකාරකම් අධීක්ෂණය කරමින් තිබු බව සඳහන්.








Leave a Reply