Loading...

ජල සම්පාදනයෙන් අමුතු ගෙවීමක් ගැන විගණන වාර්තාවකින් හෙළි වෙයි

රාජ්‍ය ව්‍යාපාර ආයතනවල සේවකයන්ට ආයතනයේ ලාභය මත ප්‍රසාද දීමනා, දිරි දීමනා ගෙවීම සම්බන්ධව අනුගමනය කළ යුතු නියමයන්ට පටහැනිව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයන්ට ඵලදායී දීමනා නමින් රුපියල් මිලියන 269ක් ගෙවා ඇති බව වාර්තා වනවා.

ජාතික විගණන කාර්යාලයේ නවතම වාර්තාවකින් මේ බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය ව්‍යාපාර ආයතනයක් සේවකයන්ට දිරි දීමනා හෝ ප්‍රසාද දීමනා ගෙවිය යුත්තේ එහි ලාභ රජයේ ඒකාබද්ධ අරමුදලට යැවීමෙන් පසුව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව මඟින් 2021 නොවැම්බර් 17 වනදා නිකුත් කර ඇති මෙහෙයුම් අත්පොත් නියම කර ඇති බව සඳහන්.

නමුත් එම නියමයන් නොසලකා එම මණ්ඩලය මඟින් 2022 වර්ෂය වෙනුවෙන් සිය සේවකයන්ට මෙම ඵලදායී දීමනා ගෙවා ඇත්තේ ආයතනය එම වර්ෂයේ රුපියල් බිලියන 3ක පාඩුවක් ලබා තිබියදීයි.

දීමනා ගෙවීම සඳහා එම ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියක් ඇති බවද සඳහන් වනවා.

කෙසේ වෙතත් 2022 වසරට අදාළව නිකුත් කර ඇති වාර්ෂික විගණකාධිපති වාර්තාවේ ජල සම්පාදන මණ්ඩලය පිළිබඳව විගණන නිරීක්ෂණ යටතේ සඳහන්ව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *