දුර ගමන් බස් රථවල අනතුරු අවම කිරීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් සකසා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
මේ අනුව පෞද්ගලික අංශය මැදිහත්වීමෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාවට නංවා තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය යටතේ ලංගම සහ පෞද්ගලික බස් රථවලට AI කැමරා පද්ධති 40ක් සවි කෙරෙනවා.
මෙමඟින් රියදුරන්ගේ හැසිරීම නිරීක්ෂණය කර රියදුරු දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගැනෙන අතර රියදුරුගේ වෙහෙසකාරී තත්ත්ව සහ නින්දයාම, ඇස් පියවීම ආදිය නිරීක්ෂණයට නව කැමරා පද්ධතියට හැකියාව පවතිනවා.
තවද මාර්ග නීති පිළිපැදීම සහ බඳපටි පැළඳ සිටීම ආදිය නිරීක්ෂණය කර රියදුරන් වෙත සංඥා නිකුත් කිරීමද මෙම පද්ධතිය හරහා සිදුකෙරෙනු ඇති.
මෙම නියමු ව්‍යාපෘතියේ පළමු අදියර කතරගම ඩිපෝවේ දී ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) ආරම්භ වුණා.
මෙහිදී දුර ගමන් බස් රථ කිහිපයකට AI කැමරා පද්ධති සවි කෙරුණු අතර, අමාත්‍යවරයා ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූණා.








Leave a Reply