ජාතික ජන බලවේගය විසින් පාලනය කරනු ලබන පොළොන්නරුව – හිඟුරක්ගොඩ සමූපාකාර ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් තොගයක් ඩීසල් ගබඩා කර තිබෙන ටැංකියට මාරු කර ගොඩබෑම හේතුවෙන් එහි ඉන්ධන සම්පූර්ණයෙන්ම අපතේ ගොස් තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඊයේ (28) පෙරවරුවේ එහි පැමිණි ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ඩීසල් ඉන්ධන ටැංකියට මාරු කළ පෙට්‍රල් තොගය නැවතත් එම බවුසරයටම පටවාගෙන යළි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත රැගෙන ගොස් පරීක්ෂා කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.
පෙට්‍රල් ලීටර් දහසකට අධික ප්‍රමාණයක් ඩීසල් භූගත ටැංකියට ගොඩබා ඇති බවත්, ජාතික ජන බලවේගයේ නිලධාරි මණ්ඩලයකින් පාලනය වන මෙම පිරවුම්හලේ පාලන අකාර්යක්ෂමතාව සහ නිසි පරිදි ක්‍රියා නොකිරීම හේතුවෙන් විශාල පාඩුවක් සිදුව ඇති බවත් හිඟුරක්ගොඩ සමූපාකාර සමිතියේ හිටපු සභාපතිවරයා චෝදනා කරනවා.
අදාළ සමූපාකාර ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු ලෙස හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් කටයුතු කරන බව ද වැඩිදුරටත් සඳහන්.








Leave a Reply