Loading...

,

රාජ්‍ය අමාත්‍යවරියකගෙන් රුපවාහිනියට පොල්ලක්

පෙරහැරක සජීවී විකාශනයක් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරියක ජාතික රූපවාහිනී සංස්ථාවට රුපියල් ලක්ෂ 9ක මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව වාර්තා වනවා.

නවගමු ඓතිහාසික පුරාණ ශ්‍රී සත්පත්තිනි මහා දේවාලයේ 1887වැනි රන්දෝලි පෙරහර ජාතික රූපවාහිනියෙන් සජීවී ලෙස විකාශනය කිරීමට වැයවූ මුදල මෙලෙස ගෙවීම පැහැර හැර ඇති බව සඳහන්.

රාජ්‍ය අමාත්‍යවරිය එම ඉල්ලීමට අනුව ජාතික රූපවාහිනී සංස්ථාව නවගමුව පෙරහැර සජීවී ලෙස විකාශනය කර තිබුණා.

කෙසේ වෙතත් මෙම හිඟ මුදල පිළිබඳව ජාතික රූපවාහිනී සංස්ථාවේ ප්‍රධාන ගණකාධිකාරිවරයා රාජ්‍ය අමාත්‍යවරියට අවස්ථා කිහිපයකදී සිහිකැඳවීම කර තිබුණ ද මේ දක්වා මුදල ගෙවා නොමැති බවයි වාර්තා වන්නේ.

රුපවාහිනී අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ මේ සම්බන්ධව නිත්‍යානුකූලව පියවර නොගන්නා ලෙස ඇය රුපවාහිනී පාලනාධිකාරියට බලපෑම් කර ඇති බවයි.

මෙම පෙරහැර ජාතික රුපවාහිනීයෙන් සජීවී ලෙස කර ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මස 2 වැනිදායි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *