Loading...

විශ්වාසභංගය ගැන 19 වැනිදා කථානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමඟි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව කථානායකවරයා ලබන 19 වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

අදාළ යෝජනාව විවාදයට ගැනීමට නෛතික බාධාවක් පැන නැගී ඇති බැවින් ඒ සම්බන්ධව මෙහිදී කථානායකවරයා කරුණු දැක්වනු ඇති.

කෙසේ වෙතත් මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් නොකරන ලෙසටද කථානායකවරයා දැනටමත් දැනුම් දී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *