බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ඉරිදා (16) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඊට අදාළ වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවා.
අදාළ වාර්තාව සම්බන්ධව දින දෙකක විවාදයක් සිදු කරන බවද සභානායකවරයා මෙහිදී කියා සිටියා.
ඒ මහතා පැවසුවේ මෙම වාර්තාව ගැන කටයුතු කිරීමට ජනාධිපති තුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.
මේ අනුව මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර තිබෙනවා.
තවද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධ ඉදිරි කටයුතු කිරීම සඳහා උපදෙස් යෝජනා කිරීමටත් ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව සඳහන්.
පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ සුදුසු අවස්ථාවක මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දින 2ක විවාදයක් පැවැත්වීමටත් පියවර ගන්නා බවයි.








Leave a Reply