Loading...

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න විශේෂ විමර්ශන කමිටුවක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධව ලැබී ඇති බවට පැවසෙන පෙර තොරතුරු සහ බුද්ධි අංශ තොරතුරු පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශය, ජාතික බුද්ධි අංශ ප්‍රධානියා සහ අනෙකුත් බලධාරීන් කටයුතු කළ ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ එම කමිටුවේ ප්‍රධානියා වශයෙන් විශ්‍රාමික විනිසුරු ඒ. එන්. ජේ. අල්විස් මහත්මියව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර ඇති බවයි.

මෙම කමිටුව වාර්තාව මෙම වසරේ සැප්තැම්බර් 15 වනදා වන විට අවසන් කළ යුතු බව සඳහන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *