මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් ගවේෂණ බලපත්‍ර පිරිනැමීමේ මෙම වසරේ නව වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (25) පෙරවරුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා.
ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට බලශක්ති සහ ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ කම්කරු අමාත්‍ය මෙන්ම මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී ජාත්‍යන්තර බලශක්ති සමාගම් සඳහා ගවේෂණ කටයුතු සිදු කිරීමට වර්ග කිලෝමීටර් 34,000කට ආසන්න ප්‍රදේශයක් ආවරණය වන පරිදි මන්නාරම් ද්‍රෝණියේ බිම් කොටස් හතරක් පිරිනැමීමට නියමිතයි.
මීට පෙර සිදුකරන ලද ගවේෂණවලදී ස්වාභාවික වායු සහ ද්‍රව සොයාගැනීමට හැකිවීම තුළින් මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් පවතින බවට දැනටමත් තහවුරු වී තිබෙනවා.
නවීන භූ ගවේෂණ හා නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ දත්ත එකතු කිරීමට ජාත්‍යන්තර සමාගම්වලට අවස්ථාව උදාවන බවත්, දැනට අධිකාරිය සතු භූ විද්‍යාත්මක දත්ත පරිශීලනයට ඉඩ සැලසෙන බවත් ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නීල් ද සිල්වා මහතා පැවසුවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තවද පවතින දත්තවලට අනුව මෙම ද්‍රෝණියෙන් ඛනිජ තෙල් බැරල් බිලියන 2ක් සහ ගෑස් ඝන අඩි ට්‍රිලියන 09ක ප්‍රමාණයක් කැණීම්වලින් ලබා ගැනීමට හැකිවනු ඇතැයි අනුමාන කරන බවයි.






Leave a Reply