Loading...

,

IMF විශේෂ සාකච්ඡාවක් අද

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර අරමුදලේ යෝජනා පිළිබඳව සාකච්ඡාවක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වීමට නියමිතයි.

මේ අතර අදාළ සාකච්ඡාවට සහභාගී වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගය පක්ෂ නායක අනුර කුමාර දිසානායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායකයාට ද ආරාධනා කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරනවා.

කෙසේ නමුත් දෙමළ ජාතික සන්ධානය පමණක් ඊට සහභාගී වන බව මේ වන විට ප්‍රකාශ කර ඇති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා අනුර දිසානායක මහතා මෙම සාකච්ඡා සඳහා සහභාගී නොවන බව දැනුම් දී තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධයෙන් විපක්ෂය ඉදිරිපත් කරන මතවාදයන්ට අවස්ථාව ලබාදීම සඳහා මෙම සාකච්ඡාවට ආරාධනා කර ඇති බවයි.

කෙසේ වෙතත් තමා ඉල්ලා සිටියේ IMF නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් නොවන ණය හිමියන් සමඟ සාකච්ඡාවක් බව සමඟි ජන බලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *