ඉදිරි මැතිවරණය පෙර හෝ පසුව මේ දක්වා අත්කරගත් රජයේ ආදායම් වැඩි කර ගැනීම ඇතුළු රාජ්‍ය මුල්‍ය අංශයේ ප්‍රගතිය ආපසු හැරවීමට ක්‍රියා කළහොත් එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන අඩාල කර ආර්ථිකය අස්ථාවර වීමට හේතු වනු ඇති බවට මහ බැංකුව පවසනවා.
මහ බැංකුව නිකුත් කළ පළමු වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ මේ බව සඳහන්ව තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ 2022 වසරේ ඇති වූ සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදයට වඩා දරුණු අර්බුදයක් ඇති වීමට හේතු වනු ඇති බවයි.
ඒ නිසා මැනවින් රාජ්‍ය මුල්‍ය කළමනාකරණය කිරීම සහ දිගු කලෙක සිට කළ යුතුව ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ උදෙසා සිය උත්සාහය අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද මහ බැංකුව පවසනවා.
Leave a Reply