Loading...

සේවකයන්ගේ ගැටලු කියන්න වෙනම WhatsApp අංකයක්

කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා කම්කරු අමාත්‍යාංශයෙන් නව WhatsApp අංකයක් හඳුන්වා දී තිබෙනවා.

එම අමාත්‍යාංශය පවසන්නේ තම සේවාවන් කාර්යක්ෂම කිරීමේ අරමුණින් සහ මහජනතාවට ද ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා 0707 22 78 77 යන මෙම නව අංකය හඳුන්වා දුන් බවයි.

කම්කරු අමාත්‍යංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව මගින් ජනතාව අපේක්ෂා කරනු ලබන සහන සහ මැදිහත්වීම් කඩිනමින් සිදුකිරීම මෙහි මුලික අපේක්ෂාව වනවා.

කම්කරු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගේ සේවා ගැටලු සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීමත් මෙම නව අංකය හඳුන්වා දීමේ තවත් එක් අරමුණක් බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *