Loading...

,

රුමේෂ් තරංගගෙන් විප්ලවීය වාර්තාවක් – ඩයමන්ඩ් ලීග් කිරුළ ශ්‍රී ලංකාවට

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත්ව තිබෙනවා.

අද (06) අලුයම පැවැති මෙම තීරණාත්මක තරගයේදී මීටර් 89.04ක විශිෂ්ට දුරක් හෙල්ල විසිකරමින් ඔහු මෙම ජයග්‍රහණය තහවුරු කරගත්තා.

ඒ අනුව, ජාත්‍යන්තර ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයකදී රන් පදක්කමක් දිනාගත් ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස රුමේෂ් තරංග අතිවිශිෂ්ට ලෙස ඉතිහාසගත වනවා.

මෙහිදී රුමේෂ්ගෙන් එල්ල වූ දැඩි අභියෝගය හමුවේ මීටර් 87.47ක දුරක් සටහන් කළ පෝලන්තයේ ඩේවිඩ් වෙග්නර්ට හිමිවූයේ දෙවන ස්ථානයයි. තරගයේ තෙවන ස්ථානය මීටර් 83.99ක දුරක් විසිකළ ට්‍රිනිඩැඩ් ඇන්ඩ් ටොබැගෝ රාජ්‍යයේ කෙෂූ වෝල්කට් විසින් හිමිකර ගනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *