ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වැඩි කරගත් වැටුප් යම් ප්‍රමාණයකින් අඩු කර ගැනීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු අදාළ පාර්ශවයන්ට දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.
මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් 70%කින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් රජයේ තීරණය එන සතියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් 70%කින් වැඩි කරගැනීම සම්බන්ධව රජයේ මුදල් පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව ලබන 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මුදල් කමිටුවෙන් දෙන වාර්තාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළා.
මේ අතර මහ බැංකු සේවකයන්ට වැඩි කරන ලද වැටුප අඩු කිරීමට මහ බැංකු අධිපතිවරයා විසින් කරන ලද යෝජනාව එහි සේවකයන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.
පසුගිය සතියේ සියළු මහ බැංකු සේවකයන් විශේෂ රැස්වීමකට කැඳවා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මෙම යෝජනාව කර තිබෙනවා.
වැටුප් වර්ධකය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇතිවීම හේතුවෙන් වැටුප් අඩුකර පසුව සුදුසු සංශෝධනයක් ගැන සලකා බලමු මෙන් මහ බැංකු අධිපතිවරයා සේවකයන්ට යෝජනා කර ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ නමුත් සේවකයන් අදාළ යෝජනාවට එකඟ නොවී ප්‍රකාශ කර ඇත්තේ මෙම වැටුප් වැඩිවීම සාමුහික ගිවිසුමක් අනුව සිදුව ඇති නිසා වෙනසක් කිරීමට එකඟ වීමට හැකියාවක් නොමැති බවයි.
ඊට එකඟ නොවන්නේ නම් නව පාර්ලිමේන්තු පනතක් මඟින් එය සිදු කිරීමට ඉඩ ඇති බව මහ බැංකු අධිපතිවරයා සේවකයන්ට දැනුම් දී තිබෙනවා.
Leave a Reply