ශ්‍රී ලංකා රජයේ දේශීය සහ බාහිර ණය සම්බන්ධව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් සිදුකළා.
මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ 2023 දෙසැම්බර් 31 වනදා වන විට දේශීය ණය රුපියල් බිලියන 17051 බවයි.
එය 2024 මාර්තු 31 වනදා වනවිට රුපියල් බිලියන 17252ක් බවද ඔහු සඳහන් කළා.
ඒ මහතා ප්‍රකාශ කළේ තවද බාහිර ණය ඩොලර් බිලියන 27ක් ලෙස දැක්වෙන බවයි.
2022 අප්‍රේල් සිට නොගෙවූ බාහිර ණය වාරිකවල වටිනාකම වූ ඩොලර් බිලියන 5.5ක් ද ඊට ඇතුළත්ව තිබෙනවා.
Leave a Reply