Loading...

ෆෝමියුලා 3 ඉතිහාසයට ශ්‍රී ලංකාවේ යෙවාන්ගෙන් නව වාර්තාවක්

බ්‍රිතාන්‍යයේ සිල්වර්ස්ටෝන් ධාවන පථයේ අද (04) පැවැති ෆෝමියුලා 3 තරගාවලියේ ස්ප්‍රින්ට් තරග අදියරේ දෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලාංකික ධාවක යෙවාන් ඩේව්ඩ් සමත් වුණා.

මෙම දස්කමත් සමඟ ෆෝමියුලා 3 තරගාවලියේ අදියරක පදක්කම් ස්ථානයක් (Podium Finish) හිමිකරගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඔහු ඉතිහාසගත වුණා.

යෙවාන් ඩේව්ඩ්ගේ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *