කොලොන්නාව නගරය එම ප්‍රදේශයේම උස් බිමක ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.
මේ අනුව නව නගර සැලසුම යටතේ දැනට පහත බිම්වල තිබෙන රෝහල්, පාසල්, නිවාස, වෙළෙඳ සංකීර්ණ ආදී සියල්ල උස් භූමිවල ස්ථාපිත කිරීමට නියමිතයි.
ඒ සඳහා සුදුසු භූමි ප්‍රදේශ එම ප්‍රදේශයේම ඇති බවද වාර්තා වනවා.
තවද නව නගර සැලසුම අනුව අනවසර ඉදිකිරීම් තහනම් කිරීමට අවශ්‍ය නීති ගෙන ඒමට ද තීරණය කර තිබෙනවා.
අදාළ සැලසුමට අනුව කැළණි ගං මිටියාවතේ ගංවතුර පාලන ක්‍රමවේදයක් සකස් කිරීමට ද නියමිත බව සඳහන්.
Leave a Reply