ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (26) විදුලිබල අමාත්‍යාංශය, ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හමුවීමට නියමිතව තිබෙනවා.
මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙරට ආර්ථික අභියෝග සහ වත්මන් තත්ත්වය සම්බන්ධව මෙහිදී සාකච්ඡා කරනු ඇති බවයි.
මීට අමතරව මුල්‍ය අරමුදලේ 7 වන සමාලෝචනයට පෙර පවත්වන සාකච්ඡා වටය බවද ඒ මහතා සඳහන් කළා.
මෙරට රැඳී සිටින කාල සීමාවේදී ඔවුන් මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනය පිළිබඳව විශ්ලේෂණයක නිරත වනු ඇති.
මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සහ රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ (25) පැවැත්වුණා.







Leave a Reply