Loading...

රනිල් බැසිල් අතර හමුවක් – විජයදාස ගැනත් කතා වෙලා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ජනාධිපතිවරණයට තරඟ කරන බවට නිල ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධව ප්‍රකාශයට පත් කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති මුහුණට මුහුණ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර ඇති බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ කොළඹ ජනාධිපති නිල නිවසේදී මෙම හමුව පවත්වා ඇති බවයි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයට තරඟ කරන බව එහිදී බැසිල් රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාමාජිකත්වය දරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය භාර ගැනීම සම්බන්ධවද මෙම හමුවේදී අවධානය යොමුව ඇති බවද වාර්තා වනවා.

බැසිල් රාජපක්ෂ මහතා එහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ඒ සම්බන්ධව පක්ෂයක් ලෙස ක්‍රියාමාර්ග ගැනීම මේ වන විටත් අරඹා ඇති බවයි.

කෙසේ වෙතත් විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නේ නම් එය සිදුකළ යුතු වන්නේ ජනාධිපතිවරයා බවද බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ අතර පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරුන්ටත් සංවර්ධන කටයුතු සඳහා දායක වීමට අවස්ථාව ලබාදෙන ලෙස මෙම සාකච්ඡාවේ දී බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් කමිටු ක්‍රමයක් හරහා සංවර්ධන කටයුතු කිරීමට හිටපු පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට ප්‍රතිපාදන ලබා දෙන බවයි.

තොරතුරු මුලාශ්‍ර – ලංකාදීප


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *