Loading...

පොහොට්ටුවේ පිරිසක් හදිසියේම ඉන්දියාවට

පොදුජන පෙරමුණේ තරුණ කණ්ඩායමක් ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ මුලස්ථානය වෙත යැවීමට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ ඡන්ද ව්‍යාපාරය සිදුකරන ආකාරය අධ්‍යයනය සඳහායි.

පොදුජන පෙරමුණ එළඹෙන මැයි දිනය සහ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධව සාකච්ඡා කිරීමේ අරමුණින් පසුගිය සතියේ දී නෙළුම් මාවත පක්ෂ මුලස්ථානයේ දී එහි ප්‍රධානීන් සමඟ සිදුකළ සාකච්ඡාවක් අතරතුරදී බැසිල් රාජපක්ෂ මහතා මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු වෙනුවෙන් නෙලුම් මාවතේ තවත් නිවාස දෙකක් කුලියට ගැනීමට ද මෙම සාකච්ඡාවේදී තීන්දු වී ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *