Loading...

ගෝඨාගේ හිටපු ශාරීරික පුහුණු උපදේශකයෙක් කුඩුත් සමඟ පොලිස් අත්අඩංගුවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශාරීරක පුහුණු උපදේශකවරයෙක් ලෙස කාලයක් කටයුතු කළ බවට පැවසෙන හිටපු කොමන්ඩෝ සෙබලෙක් මහනුවර හෙරොයින් ග්‍රෑම් 2ක් සමඟ කොට්ඨාසය අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සෙබලා හිටපු ජනාධිපතිවරයාගේ ධුරය අහිමි වීමෙන් පසු නැවත රාජකාරියට අනුයුක්ත කිරීමේදී විනය කඩ කිරීමේ හේතු ගණනාවක් හේතුවෙන් කොමාන්ඩෝ බලකායෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව සැකකරු පාතාලය හා සම්බන්ධතාව පත්වාගෙන යමින් මත්කුඩු ජාවාරමට යොමුව ඇති බව මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

කොමාන්ඩෝ භට පුහුණුවේ දී මෙම සෙබලා දක්ෂ සෙබළුන් 10 දෙනා අතර සිටි 28 හැවිරිදි සැකකරු අති දක්ෂ වෙඩික්කරුවෙකු බවද සඳහන් වනවා.

කෙසේ වෙතත් ඔහු පාතාලය හා සම්බන්ධ වී ඝාතන සිදු කළේ ද යන්න සැකය මත මේ වන විට පොලීසිය ප්‍රශ්ණ කිරීම් සිදු කරමින් පවතිනවා.

දෙදරු පියෙකු වන සකකරු පදිංචිව සිටි නෙල්ලිගල ප්‍රදේශයේ නිවස පරීක්ෂා කළ අවස්ථවේ එහි තිබී හෙරෙන් මතුකුඩු ග්රෑම් 02 ක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

සැකකරු සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝගයක් මත සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්ණ කිරීම් සිදුකිරීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *