Loading...

අම්බලන්ගොඩ දී සිදුවූ වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මරුට

අම්බලන්ගොඩ දී ඊයේ (16) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ පදිංචි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ධම්මික නිරෝෂන් නැමැත්තෙක් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ ඔහුගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා 2002 වසරේ දී ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයෙක් බවද වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *