රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ සාකච්ඡාවට පෙර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපීය නායකයින් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සාකච්ඡාවට යුරෝපා සංගමයේ රධානී උර්සුලා වෝන්ටර් ලේන්ඩ්, නේටෝ ප්‍රධානී මාර්ක් රූඩ් මෙන්ම බි්‍රතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, පින්ලන්තය සහ පොලන්ත නායකයින් එක්ව සිටි බවයි.
මෙහිදී යුක්‍රේනය සහ රුසියාව අතර පවතින යුද ගැටුම්වලට විරාමයක් තැබීම සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා.
මෙහිදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡා හෙට (15) ඇලෙස්කාව්දී පැවැත්වීමට නියමිතයි.








Leave a Reply