Loading...

දක්ෂිණ අධිවේගයේ බස් රථ අකුරට ධාවනය කිරීමේ තීරණයක්?

ගාල්ල මාකුඹුර දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් රථ අද (11) සිට කාලසටහනට අනුව පමණක් ධාවනය කිරීමට තීරණය කර තිබෙනවා.

ගාල්ල මාකුඹුර දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ සංගමයේ ලේකම් නිලංග සඳරුවන් මහතා කියා සිටියේ මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් මඟීන්ට යම් වෙලාවක් බස් රථ නැවතුම්පලෙහි රැඳී සිටීමට සිදුවනු ඇති බවයි.

“මේකට හේතුව තමා 2023 දෙසැම්බර් මස 18 වනදා අපිට ලබාදී තිබූ කාලසටහන සම්බන්ධයෙන් අපි විරෝධය පළ කළා. මේ සම්බන්ධයෙන් කිසිම තීරණයක් මෙතෙක් අරගෙන නෑ.

මේ සම්බන්ධව මගී ජනතාවට සිදුවන අපහසුව පිළිබඳව කනග‍ාටුව ප්‍රකාශ කරනවා. අපි මේ වනතුරු මේ කාලසටහන ට ධාවනය වීම නොකර මගී ජනතාව වෙනුවෙන් අවශ්‍ය පරිදි බස් ධාවනය කරන්න කටයුතු කරපු කණ්ඩායමක්.

කිසිම අවස්ථාවක මගීන් පෝම්වල රඳවා නොසිට අපි ධාවන කටයුතුවල නියැලුණා. නමුත් අපි පත්ව සිටින මෙම අපහසුතාවයට කිසිදු පාර්ශවයක් කටයුතු කළේ නෑ. ඒ නිසා මේ බස් රථ සියල්ල අකුරට පමණක් ධාවනය කරනවා.

මෙම කාලසටහන වෙනස් කිරීමට බලධාරින් පියවර නොගත්තොත් අපි ලබන 18 වනදා සිට ගාල්ලෙන් ආරම්භ කරන බස් වර්ජනයක් දක්වා ගෙනියනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *