Loading...

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන පාර්ලිමේන්තුවේ විවාදයක්

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය සම්බන්ධ විවාදය ජුලි 02 සහ 03 දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාවේ දී තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා කියා සිටියේ ඊයේ (28) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ සහභාගීත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව ජුලි 02 වනදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තු රැස්වීමට නියමිතව ඇති අතර එදින පස්වරු 5.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිතයි.

තවද විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව එදින පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතව තිබෙනවා.

ජුලි 03 වනදා පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා මෙම විවාදය දෙවන දිනටත් පැවැත්වෙන අතර එදින පස්වරු 5.00ට මෙම යෝජනා සම්මතයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *